මැදඇඟිල්ල මුල උස්ව ඇති ප්‍රදේශය ශනි මණ්ඩලයයි. සෙනසුරු ග්‍රහයාගෙන් ලැබෙන තරංග චලන ශක්තිය ගබඩාවන්නේ ශනි මණ්ඩලයේ යයි කිවහොත් එය නිවැරදිය. එමගින් පෙන්නුම් කරන්නේ හුදෙකලා බව කල්පනාකාරී බව, විඳ දරා ගැනීමේ ශක්තිය හා දූර දර්ශීභාවය යනාදියයි. එක් එක් පුද්ගලයාගේ ශනි මණ්ඩලය විවිධාකාර ලෙස පිහිටයි. මෙම ස්ථානය මනාව වැඩී තිබෙන්නේ නම් පුද්ගලයාට සෙනසුරු ග්‍රහයාගෙන් යහපත් ප්‍රතිඵල ද එසේ නොමැතිනම් අයහපත් ප්‍රතිඵලද ලැබෙයි. ශනි මණ්ඩලය මධ්‍යම ප්‍රමාණයට හොඳින් වැඩී ඇත්නම් පුද්ගලයා ඉතා උසස් උදාර ගති ගුණ ඇති අයෙක් ලෙස හැඳින්විය හැක. එම අය බාහිර ආටෝපයන් කෙරෙහි වැඩි සැලකිල්ලක් නොදක්වන අතර හැම ප්‍රශ්නයක් ගැනම හිතන්නේ දාර්ශනිකයෙක් ලෙසයි.
වයසින් මුහුකුරා ගිය යහපත් අය ආශ්‍රය කිරීමට වැඩි කැමැත්තක් දක්වයි. ගතානුගතික පුද්ගලයන් වශයෙන් මෙන්ම තැන්පත්, නිහඬ පුද්ගලයන් වශයෙන් මොවුන් සමාජයේ කැපී පෙනෙයි. ආචාරශීලි වෙයි. අන්‍යයන් කෙරෙහි නිබඳවන අවිශ්වාසයෙන් පසුවන මොවුන් ලෞකික සැපතට වඩා ලෝකෝත්තර සැපත කෙරෙහි සිත යොමුකරන අය වෙති. බොහෝවිට සිහින් සැහැල්ලු නිරෝගී සිරුරක් මොවුනට හිමිවෙයි. කිව යුතු දේ මුහුණටම කීම මොවුන්ගේ සිරිත බැවින් බොරුකාරයන්ගෙන් මිදෙන්නට ඉඩ ලැබෙයි. සැහැල්ලු මානසික තත්ත්වයකින් විඳ දරා ගැනීමේ ශක්තිය මොවුන් තුළින් කැපී පෙනෙයි. දාර්ශනික සිත හා හැම විටම සකසුරුවම් බව හා වැඩි වශයෙන් වියදම් නොකිරීම ආදිය එකිනෙකට පටහැනි ගතිගුණ වේ.මෙය බොහෝ විට ද්විත්ව චරිත තුළ දැකිය හැක. කියවීමට වඩා කැමැත්තක් දක්වන මොවුන් ජ්‍යෙdතිෂ හා ගුප්ත විද්‍යාවන් කෙරෙහි වැඩි උනන්දුවක් හා විශ්වාසයක් ඇත. අනෙක් අය හා සන්සන්දනය කිරීමේදී මොව්හු උස පුද්ගලයෝ වෙති. ඉවසීම පිළිබඳව කතා කිරීමේදී සෙනසුරු ප්‍රබල පුද්ගලයෝ ගණිතයට දක්ෂවීම පුදුමයක් නොවේ. ඉතා සියුම් ගැඹුරු ඥන ශක්තිය මොවුන් තුළ පිහිටා ඇත. බොහෝ ක්ෂේත්රයන් කෙරෙහි දක්ෂතාවන් පෙන්නුම් කරයි.
සෙනසුරු මණ්ඩලයෙන් ලම්භාකාරව (ඉහළට යන) රේඛාවක් වැටී තිබේ නම් එම අයගේ ඉවසීම, විඳ දරා ගැනීමේ ශක්තිය උද්යෝගිමත් භාවය තැන්පත් කම, දූරදර්ශී භාවය ආදිය වඩා කැපී පෙනෙයි. ශනි මණ්ඩලය තුළ එවන් රේඛා නොමැතිනම් අභුභවාදී ආත්මාර්ථකාමී අනුකම්පා විරහිත, හුදකලාව ප්‍රියකරන අයවෙති. සෙනසුරු මණ්ඩලයේ දැල් ලකුණක් පිහිටීම සුභ නොවේ. ජීවිතයේ අවාසනාවන්ත බව එමගින් පෙන්නුම් කෙරේ. ශනි මණ්ඩලයේ කතිර ලකුණක් පැහැදිලිව පෙනේ නම් එම පුද්ගලයා දුක් සහිත ලෙස මිය යන බව සඳහන් වෙයි. තාරකා ලකුණද එසේම අශුභ ඵල දෙයි. එල්ලුම් ගසට නියම වන අයගේ ශනි මණ්ඩලය තුළ මෙම ලකුණ පිහිටන බව කියෑවේ. ශනි මණ්ඩලයේ කළු තිත් වැටීම හදිසි අනතුරකින් මිය යැමට හේතුවෙයි.
සෙනසුරු මණ්ඩලය මත උඩ අතට විහිදෙන රේඛා දෙකක් පිහිටා තිබීම සුභඵල දෙයි. ස්වඋත්සාහයෙන් දියුණුවන බව එමගින් ප්‍රකට කරයි. බොහෝ අවස්ථාවල කෙටි රේඛාවක් ශනි මණ්ඩලයේ පිහිටීමෙන් හදිසි ධන ලාභයක් පෙන්නුම් කරයි. බොහෝ විට ලොතරැයි ජයග්‍රහණයක් විය හැක. චතුරස්‍ර ලකුණකින් ප්‍රකට කරන්නේ බොහෝ ආයුෂ ඇති බවයි. මන්ත්‍ර මගින් අන්‍යයන්ට වැරදි කරන්නන් හෝ ජ්‍යෙdතිෂය අයුතු ලෙස පරිහරණය කරන්නන්ගේද සෙනසුරු මණ්ඩලයේ කතිර ලක්ෂණය දැකිය හැක. තරු ලකුණක් ඇත්තේ නම් ප්‍රතිඵලය. උඩඟු බව හෝ හදිසියේ සිහිමුර්ජාවීම දැකිය හැකිවේ.
සමහර අයගේ මැදඟිල්ලේ පාමුල එනම් ශනි මණ්ඩලයේ අර්ධ කවාකාර හැඩයෙන් පිහිටි මුදුවක සලකුණක් දැකිය හැක. එය ශනිගේ මුදුව යනුවෙන් හස්ත රේඛා විද්‍යාවේ සඳහන් වෙයි. සුභ පිහිටීමක් නොවන එම සලකුණ ඇති අය යහපත් නොවන අතර ඔවුන් සමාජයෙන් බොහෝ විට කොන්වේ. විවාහවීමට මැලිකමක් දක්වන ඔවුන් විවාහ වූවත් විවාහ ජීවිතය සාර්ථක නොවේ.
හිඹුටානේ පියතිලක ද අල්විස්
0 Comments