වාස්‌තු විද්‍යානුකූල නිවසක දොරටු නොතැබීමෙන් එහි ගෘහමූලිකයාට පමණක්‌ නොව එහි පදිංචි අනෙකුත් අයටද විවිධ කරදර බාධක මාරක, උවදුරු පීඩා විඳීමට සිදුවේ. ලෙඩ රෝග සතුරු කරදර ආර්ථික පසු බැසීම් මානසික අවුල් වියවුල් අමනුෂ්‍ය දෝෂ අසමගිතා ආදී වූ අශූභ ඵලවලට මුහුණ දීමට සිදුවන්නේ එසේ වාස්‌තු විද්‍යානුකුලව දොරටු නොතැබීමෙන් සිදුවන්නාවූ ගෘහ පිණ්‌ඩණ දෝෂය නිසාය.

අනෙකුත් දොරටුවලට වඩා වැඩි විශේෂත්වයක්‌ පිවිසුම් දොර හෙවත් ප්‍රධාන දොර සම්බන්ධයෙන් දැක්‌විය යුතුය. එයට හේතුව ප්‍රධාන දොර ඉදිරිපස පිහිටි විවිධ දෑ නිසාද දෝෂ ඇතිවන බැවිනි. මෙවැනි දෝෂ 18 ක්‌ වාස්‌තු විද්‍යාවේ ද්වාර වේධ වශයෙන් හඳුන්වා ඇත. ඒවා පිළිබඳ විස්‌තර පහත දක්‌වමි.

කෝණ වේධය ඉදිරිපස පිහිටි වෙනත් නිවසක හෝ ඉඩමක මුල්ල ප්‍රධාන දොරට එල්ල වීමයි මේ නිසා අමනුෂ්‍ය දෝෂ සොරබිය සතුරු කරදර සිදුවන බව දැක්‌වේ.

2. වෘක්‍ෂ වේධය- දොර ඉදිරියෙන් එක එල්ලේ විශාල ගසක්‌ තිබීමයි. මෙම වේධය නිසා දරුවන්ට අපල බව සඳහන් වේ. 

3. කූප වේධය- ප්‍රධාන දොරට කෙළින් ළිඳක්‌ තිබීමයි. හිසේ ආබාධ පවසන ආබාධ අමතක වීම් වැනි ආබාධවලට ගොදුරු වේ.

4. මාර්ග වේධය පාරක වංගුවක්‌ ප්‍රධාන දොරට එල්ල වී පිහිටිමයි. මේ නිසා විවිධ බාධක ඇතිවන බව කියෑවේ. 

5 පංක වේධය - කදිම වේදය යනුවෙන්ද හැඳින්වේ. එනම් මඩ වළක්‌ ප්‍රධාන දොර ඉදිරිපස තිබීමයි. සමේ රෝග ආමාශගත රෝග මේ නිසා හටගන්නා බව සඳහන්ය.

6. ස්‌ථම්භ වේධය- ප්‍රධාන දොර ඉදිරිපස කණු පිහිටීමයි. ස්‌ත්‍රීන් නොමග යැමේ ප්‍රවණතාවක්‌ ඇතිවන අතර එමගින් අඹුසැමි භේද, සමගිය තුරන්වීම සිදු වේ.

7. උදක නිර්ගමන වේධය- දොරට පෙනෙන ලෙස ඉදිරියෙන් සමීපයේ වංගු සහිත දිය පාරක්‌ තිබීමෙන් ආර්ථික පීඩා ඇති වේ.

8. ද්වාර වේධය- ඉදිරිපස ඇති වෙනත් නිවසක ප්‍රධාන දොර හෝ ගේට්‌ටුවට මෙම නිවසේ ප්‍රධාන දොර කෙලින් පිහිටීමයි. තම නිවසේ ගේට්‌ටුව ද මෙසේ තිබීම අශූභය ඇස්‌වහ කටවහ දෝෂ ඇති වේ.

9. රජක වේධය- රෙදි සෝදන ස්‌ථානයක්‌ පිහිටීමෙන් දියුණුව අඩාල වන බව සඳහන් වේ.

10. ගණිකා - වේධය අසමගිකම් සහ නැදෑයන් විරසක වීමට හේතු වන ද්වාර වේධයකි. එනම් ගණිකා මඩම් හෝ එවැනි ස්‌ථාන පිහිටීමයි.

11. ම්ලේච්ඡ වේධය - අභිකුණ්‌ඨික වැනි ස්‌ථිර පදිංචියක්‌ නොමැති පිරිස්‌ තම නිවසේ ප්‍රධාන දොරටුව ඉදිරියෙන් පදිංචිව සිටීම නිසා උත්සාහයේ තරමට ඵල නොලැබේ.

තිරශ්චීන වේධය- සත්ව කූඩු හෝ ගාල් තිබීමෙන් පහත් ක්‍රියාවලට පෙළඹේ. සමාජ පිළිගැනීම පිරිහේ.

13 - ද්වර්චස්‌ථාන වේධය - වැසිකිළි, කාණු වළවල් ආදිය පිහිටීම නිසා ශ්‍රියාව, මානසික සුවය වැනසේ.

14. සුසාන වේධය - සොහොන් බිම්, සොහොන් කොත්a, පිහිටීම නිසා රෝග, අකල් මරණ ධන විනාශ සිදු වේ.

15 රාජ වේධය - රජයට අයත් දේපළ කාර්යාල ආදිය තිබීමෙන් සමගියට බාධා ඇති වේ.

16. කුම්භාකාර වේධය - හුණු, ගඩොල් වළං ආදිය පිලිස්‌සීමේ පෝරණු පිහිටීම නිසා නීතිමය ගැටලුවලට මුහුණ පෑමට සිදු වේ. සතුරන් බිහි වේ.

17.දේවතා වේධය- ආගමික පිළිරූ, චිත්‍ර පිළිම ආදිය තිබීම නිසා ධන විනාශ සහ විවිධ පීඩාවන්ට ගොදුරු වේ.

18. බ්‍රහ්ම වේධය - තම නිවසේ ප්‍රධාන දොර හරි මැදින් තැබීම සහ තමාගේම අසල ඇති ගොඩනැඟිල්ලක දොරක්‌ ප්‍රධාන දොරට කෙලින් පිහිටීමයි. මේ නිසා නින්දා අපහාස ඇතිවන බව දැක්‌වේ.

මේවා සියල්ල ප්‍රධාන දොර ආසන්නයේ දොරට එක එල්ලේ කෙලින්ම තිබීම අශූභ වුවත් බියවිය යුතු නොවන්නේ වාස්‌තු විද්‍යානුකූලව ඒවා නිදෝස්‌ කළ හැකි බැවිනි.

උයන්දන- පැරකුම් මාවතේ එච්. එම්. ටී.බී. හේරත්