1948.02.04 ශ්‍රි ලංකාවට නිදහස හිමිවූයේ බැගෑපත්වීමක ප්‍රතිපලයක් ලෙසයි. පසුව ද්‍රවිඩ ත්රස්තවාදයක් උතුරු නැගනහිර මුල්කර ගනිමින් බිහිවී 2009.06.19 අවසන් වූවා.එය කුමන ආණ්ඩු සමයක අවසන් වූවත් අපි සිංහලයන් ලෙස සටන ජයගත්ත.රණවිරුවාගේ ලේ කදුලු දහඩිය සමග පරිපාලනයේ හැකියාවන් මත අපි සටන ජයගත්ත.සිංහලයා වට්ටන්න කිසිම කෙනෙකුට හැකියාවක් නෑ.වැටුනත් නැගිටින වැටි වැටි නැගිටින සිංහලයා දිනයක සාධාරන ජයක් උරුම කරගන්නවා.ඒක තමයි ඇත්ත.
කවුරු කොහොම කිව්වත් ශ්‍රී ලංකාව නම් අපගේ මව් රට සිංහලයේ දහඩියෙන් මහන්සියෙන් ගොඩනැගුන බව ඉතිහාසස ලිඛිත,සහ භෞතික සාක්ෂි මගින් පැහැදිලියි. එය ද්‍රවිඩයන්ට හෝ මුසල්මානුවන්ට අයිති නෑ ,වගේම අයිති වෙන්නෙත් නෑ. අයිතිවෙන්න ඉඩ තබන්නෙත් නෑ. නමුත් සිතා බලන්න වර්ථමානයේ ශ්‍රී ලංකාව තුල ඇතිවී ඇති ප්රවනතාවයන්. ජාතිවාදය යනුවෙන් නවතම පෙළ ගැසීමක් ඇතිවෙමින් පවතී.මෙය සැබෑ ජාතිකත්වයද නැතිනම් යම් කිසි යටි අරමුණක් වෙනුවෙන් ගොඩනැගෙන මුසාවාදයක් ද ? ඇයි මේ එකපාරටම ? නව ජාතික සංවීධාන බිහිවෙමින් පවතිනව.ඒවා බිහිවන්නේ සැබෑ ජාතික හෝ ආගමික අරමුණකින්ද ?වර්ථමානයේ කිසියම් සංවිධානයක් පවත්වාගෙන යාමට රැස්වීම් පෙලපාලි සංවිධානයට කොපමණ මුදලක් වැය වනවාද ? ඒ වාට මෙම සංවිධානයන්ට ආධාර අනුබල ලැබෙන්නේ කොහෙන්ද ? ලංකාවෙ කවුද මේ සංවිධාන පවත්වාගෙන යාමට මුදල් ලබාදෙන්නේ ? නැතිනම් විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ආදාර ලැබෙනවාද ? එහෙමත් නැතිනම් විදේශ රටවල් මගින් මුදල් සහ වෙනත් ආධාර ලබාදෙනවාද ?
බුදු දහමේ වටිනා හරයන් විනාශ කිරීමට බල ලෝබී නාමික ජාතිවාදීන් විසින් මෙහෙයවන කූට කුමන්ත්රනයන්ට අපගේ රටේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා බාවිතා කිරීමක් සිදුවෙමින් පවතිනව.රට මෙන්ම ජාතියද රැකගත යුතුයි.එය ඔබගේ මගේ එකම අරමුණ විය යුතුයි.නමුත් විවිද බලලෝබීන්ගේ අරමුණු සදහා අපගේ උතුම් වූ සංගරත්නය බාවිතා කිරීමට සැලැස්වීම හරි දෙයක්ද ? ඔබ බුදු දහම නිවැරදිව උගත්,පිලිපදින හෝ අඩුතරමින් බුද්ධ වචනයේ හෙලදිව සම්බන්දව කියැවුන.ලියැවුන දේ පිලිබදව වැටහීමක් තිබෙනන අයෙක්ද ? ඔබ ඔබගෙන් අසා බලන්න.එහෙම නැතිනම් හෙලදිව ගැන බුදුරදුන් දේශිත කරුණු පිලිබදව හෝ දැනුමක් ලබාගන්න.
ඔබ බුදුදහම , බුදුවදන පිලිපදිනවානම් ඔබගේ ජාතිවාදය පිලිබද සිතුවිල්ල පිලිබදව නැවත සිතාබලන්න.පොලවේ පයගසා එක දිනයක් හෝ ජීවත්වී බලන්න.පක්ෂ පාට බේධයෙන් ඉවත්ව එක් මොහොතක් ඔබගේ බුද්ධියෙන් සිතා බලන්න.තරුණයාගේ ජීවිතය පුහු අරමුණක් වෙනුවෙන් බිලිදෙන්න සූදානම් වෙන්න එපා.තරුණයා බුද්ධියට වඩා හැගීමට නැබුරුවීම බයානක ප්‍රතිපල ඇතිකරවයි.එයින් ඔබගේ සහෝදරයා හිතවතා අසල්වැසියා මෙන්ම යහලුවාගේ ජීවිතයත් අවධානමට ලක්විය හැකියි.සැබෑ අරමුණක් වෙනුවෙන් නම් දිවි දීම වුවත් පව් නැති.නමුත් සුලු පිරිසකගේ ඒකපාර්ශික අරමුණු වෙනුවෙන් සමස්ත සිංහල පරපුරම බිලිදීමට ඔබ සූදානම්ද ?මතකතබා ගන්න.බුදුවදනේ සදහන් වෙනව වසර 5000 ක් පුරාවට ශ්‍රී ලංකද්වීපයේ බුදු දහම නොනැසී පවතින බව.ඔබ සැබෑ බෞද්ධයෙක් නම් එය තේරුම්ගන්න.මෙය පිලිගන්නේ නැතිනම් ඉතිහාසය සහ බුදුදහම පිලිබද උගතෙකුගෙන් අසා දැනගන්න.සිංහල බෞද්ධ අපට ක්සිවෙකුගේ අබියෝගයක් නෑ.තිබෙනවනම් අයහපත පැරදී යහපත ජයගන්නව.එය මෙතෙක් ඉතිහාසය තුල සිදුවී තිබෙනව.වර්ථමානයේ මෙන්ම අනාගතයේද සදාතනික දහම ක්‍රියාත්මක වෙනව.
ඔබ බුද්ධිමත් නම් අනාගත දැක්ම ඔබට බාරයි. ඔබට රටට සෙතක් ශාණ්තියක් වේවා. ස්තුතියි !!
ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
0 Comments