මෙම කාලයේදී කුජ ග්‍රහයා රාශි , භාව වශයෙන් දුර්වල වී ඇතිනම් නොසිතූ ආකාරයේ කරදර ඇතිවේ.වේගවත්ව සහ හදිසියෙන් කටයුතු කිරීමට යාම නිසා ගැටලු ඇතිකර ගනී.නිර්භීතව කටයුතු කිරීමට යාම නිසාද ගැටලු ඇතිකරවයි.ධනය නිශ්ඵල ලෙස වියදම් වී යා හැකිය.රංඩු සරුවල් ඇතිවිය හැකි කාලයකි.උණ ගති සහ සෙම් කෝපවීම ඇතිවිය හැකිය.කේලම් කටකතා , නින්දා , අපහාස ඇතිවිය හැකි කාලයකි.තමා අතර සිටින අයම සතුරන් ලෙස කටයුතු කල හැකිය.උසස් අයගේ දෝශාරෝපනයට ලක්විය හැකිය.හිතවතෙකුට හෝ කිට්ටු ඇසුරක් පවත්වන අයෙකුට අපල සහිතයි.ශරීරයේ උෂ්ණගති වර්ධනය වන කාලයකි.බරවැඩකට බැසීමට සිදුවිය හැකිය.
කුජ ග්‍රහයා මේ දිනවල රාශියෙන් , භාවයෙන් බලවත් වූයේ නම් උසස් අයගේ උපකාර සැලකිලි , පිළිගැනීම් ඇතිවන කාලයකි.ශරීර ශක්තිය වර්ධනය වේ.ධනලාබ ඇතිවිය හැකිය.කරගෙන ආ කටයුතු සාර්තකව පවත්වාගෙන යා හැකිය.නව වැඩ කටයුතු ආරම්බ කිරීමට යහපත් කාලයකි.වෙළදාමෙන් ලාබ ලැබිය හැකිය.නව මිතුර මිතුරියන් ලැබීමටත් ඔවුන්ගේ සහයෝගය ලැබීමටත් යහපත් කාලයකි.
ජනක පී කුමාර විසිණි.
හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
0 Comments