නිවසට සිරිකත කැන්දන බහිරව පූජාව තියන හැටි මෙන්න


දෙලක්‍ෂ අසූසාර දහසක් යොදුන් උසැති ගණ කඩ මහා බොල් පොළොව යනුවෙන් හඳුන්වන්නේ අපි පය තබන ජීවත්වන, මළපහ කරන, මියගිය පසු වළ දමන මහා පොළොවටයි. මෙම පොළොවට අරක්ගත් නොපෙනෙන මහා බලවේගයක් ඇති කොටස් දෙකකි. එක් කොටසක් දාගැබ්, විහාර, දේවාල, නිධන්, මැණික් පතල් වැලි අදින තැන්, කළුගල් කඩන තැන් ආදිය ආරක්‍ෂා කරන අතර තව කොටසක් නිවසක් ගොඩනැඟිල්ලක් ඉදිකරන භූමියට අරක්ගෙන සිටිති. ඒ නිසා නිවසක් හෝ මේ මහා පොළොව මත ඉහත පෙන්වා ඇති දෙයක් ආරම්භ කරන්නට පෙර බහිරවයන්ට පූජාවක් දිය යුතු බව ඉපැරණි වාස්තු විද්‍යා ශාස්ත‍්‍රයේ පැහැදිලිව පෙන්වා දී ඇත.

 බහිරව පූජාවක් දෙන විට බහිරවයාට පොළොව මිහිකතට, වාස්තු පුරුෂයාට, භූමනාගයාට, පේ‍්‍රතයන්ට ද එක්වරම පූජාව දීම ඉතා සුදුසුයි. මෙම පූජාවන් නිවස ඉදිකරන්ට පළමුව මුල්ගල තබන දිනට පෙර දිනයේ ද නැතිනම් මාස 03, 09 වසරකින්, වසර තුනකින් මෙහා දීම කළ යුතුයි. මේ බහිරව පූජාවන් නොදීමෙන් නිවැසියන්ට අත්වන දරුණු වධ බන්ධන වන්නේ රෝග, දියුණුව අඩාලවීම, පවුලේ අඩදබර, ස්ත‍්‍රී - පුරුෂ වෙන්වීම්, නිවස ඉදිකිරීමට නොහැකිව අතරමඟදී ඇන හිටීම, පාළුවට යෑම, පදිංචි වීමෙන් පසු මුදල්, රන්, රිදී, මුතු, මැණික් විනාශ වීම, නිවසේ ඇති දේවල් අතුරුදන් වීම, සොරුන් පැහැර ගැනීම, කරන ව්‍යාපාර, රැුකියා දියුණුව බංකොලොත්වීම,

 රැුකියා අහිමි වීම, සිරගතවීම, නඩුහබවලට පැටලීම, දඬුවම් ලැබීම, ලේ පිළිකා, ගෙඩි, තුවාල, කුෂ්ට, අංශභාග රෝග, ඔත්පල වීම, ශරීර අවයව කපා ඉවත් කිරීම, ලිංග අප‍්‍රාණිකත්වය ඇතිවීම, කාම ආශ්වාදය නැතිවීම, අකල් මරණවලට බිලිවීම, ¥ දරුවන්ගේ අධ්‍යාපනය දුර්වල වීම, විවාහ ප‍්‍රමාද වී නාකිවනතුරු ගෙටවීම, පුරුෂයා හා අඹුව පරදාරසේවනයේ යෙදීම, තහනම් ගහේ ගෙඩි කන්ට ගොස් වහ බී මරණයට ගොදුරුවීම, නිවසෙන් පිටව ගොස් ආපසු මිනී පෙට්ටිය තුළ සැතපී නිවස තුළට ඒම ආදී මහා භයානක විපත් අත්වන්නේය. එය මගේ ප‍්‍රායෝගික ගවේෂණ තුළින්ම සත්‍යය බව නිර්භයව ප‍්‍රකාශ කරමි. දැනට මාස තුනක් ගතවීමට පෙර රඹුක්කන මාවනැල්ල පාරේ වදමල්දෙණිය ගමේ එක්තරා නිවසක ප‍්‍රධාන උලූවස්ස ගිනිකොණ මරණ ස්ථානයේ තබා ඇති අතර බහිරව පූජාවක් ද දී නැත. එම ගෙදර ජීවත් වුණු අවුරුදු 31 ක් වයසැති තරුණ ගෘහාධිපතියා නිවසේ යටලීයේ එල්ලී සියදිවි හානි කරගත්තේය. මේ වගේ සත්‍ය දේවල් අනන්ත අප‍්‍රමාණයි. ඒ නිසා මේවා සිතට ගෙන නිවාස ඉදිකිරීම ඔබටත් ඔබ පවුලටත් ඉතා වැදගත් යැයි සිතමි.

 වේදය උපන්දා සිට මෙම භූමි භාගයක නිවසක්,

 දාගැබක්, ගොඩනැඟිල්ලක් ඉදිකිරීමකදී බහිරවයන්ට පූජාව දී අවසරය ගත යුතුමය. බහිවරයන්ගේ ගිනි, අකාල බහිරවයෝ ඔබේ ග‍්‍රහ බල හීන වූ විට නිවස ඉදිකළ නැකත මුල්කොට නිවැසියන්ගේ ජීවිත බිලිගනී. බහිරවයන් සිද්ධි රුසියාට ජාතකව පොළොව මහී කාන්තාවගේ කුසයේ උපන් කුමාරවරුන් වන්නේය. ඔවුන් දහ දෙනෙකි. වාස භූමි වන්නේ භූමියේ අට දිශාවන් හා වහලය හා භූමි තලයේය. ඔවුන්ගේ නම් නීල, මාර්තු, කාල, අකාල, අග්නි, රාම, ගිනි, කූඨක, ආතාල, පාතාල නම් වේ. මෙයින් ආතාල හා ගිනි බහිරවයන් දෙදෙනා ඉතාම දරුණුයි. නපුරුයි. නිවැසියන් බිලිගන්නේ ඔවුන් දෙදෙනාය. මෙම බහිරවයෝ දෙවියන්ගේ සහ ගෞතම බුදුන්ගේ අණ ගුණ පවා පිළිනොගනී. එයට හේතුව මොවුන් උපත ලබා ඇත්තේ බුදුන්ටත් පෙර ඉර, හඳ, පොළොව මැවුණු අවස්ථාවේ. පොළොවට අධිපති මිහිකත සමඟ බව භාරතීය වාස්තු විද්‍යා ග‍්‍රන්ථවල සඳහන් වේ. එම ග‍්‍රන්ථවල ඇති උපදෙස් අනුව නිසියාකාර බහිරව පූජාවක් දීම බහිරව යන්ත‍්‍ර තෛල ජපකර ආරක්‍ෂා කිරීම, ශ්ලෝක හා කාව්‍යයන් ගයා ඒ ඒ දිශාවන් අනුව බහිරවයන්ට දොල පුදදීම කළ යුතුයි. මෙම පුද දෙන විට නෙළුම් කොළ දහයක් මත තබා දිය යුතුයි. එහෙත් වර්තමානයේ මැටි පිඟන්, පෝසිලේන් පිඟන් ගන්නා බව පෙනේ. ඒවා වැරදි ක‍්‍රියාවන් නිසා ඵලක් නොලැබේ. සෙතක් ද නොලැබේ. වෙන්දේසියෙන් ගන්නා ඉඩම් කැබැල්ලක් හෝ මුඩු ඉඩමක් හෝ පාළු ඉඩමක ද ගෙයක් ඉදිකරන්ට පෙර එම භූමියේ පස් පරීක්‍ෂා කර එහි ඇති දෝෂ බැලිය යුතුයි.

 බහිරවයන්ට දොල පූජාවන් දීමෙන් නිවැසියන්ට අත්වන සෙත් හා ගුණයන් බොහෝය. නිවැසියන්ට ධන සම්පත් ලැබීම, රැුකියා ලැබීම, උසස් වීම් ලැබීම, කරන ව්‍යාපාර කටයුතුවල දියුණුව ඇතිවීම, පවුලේ සමගිය ඇතිවීම, ¥ දරුවන්ට යහපත ගෙනදීම, නිරෝගීව සිටීමට සෞඛ්‍ය තත්ත්වය ආරක්‍ෂා වීම, දීර්ඝායුෂ ලැබීම, අකල් මරණවලට ගොදුරු නොවීම, ග‍්‍රහබල නැතිවීම, යක්‍ෂ, පේ‍්‍රත, අමනුෂ්‍ය, භූත දෝෂ භංගවීම ආදී සෙත් ශාන්තිය නොඅඩුව ලැබේ. ඒ නිසා බහිරව පූජාවක් දීමෙන් එම නිවැසියන්ට තම නිවාසය චූඩා මාණික්‍යයක් කප්රුකක් වැනි යැයි භාරතීය වාස්තු ග‍්‍රන්ථවල සඳහන් වේ.

 බහිරව පූජාවක් දෙන විට අනුගමනය කළ යුතු පිළිවෙත් කිහිපයක් මෙසේය.

 ⋆ පළමුව නිවස ඉදිකරන භූමියෙන් අවසර ගැනීම සඳහා පොළොව මිහිකතට සහ සිද්ධි රුසියාට මල් යහන් පූජාවක් දීම.

 ⋆ භූමියේ ඇති දෝෂවල බල බිඳීමට සහ කොඩිවින, සූනියන්වල බල පුපුරා යෑමට අට කොණින් හා මැදින් පස් ගෙන තැටියක දමා ඒ මත පස් පැඟිරි දර දමා

 ගිනිකර ඒ අඟුරු මතට පදිංචි වී සිටින නිවැසියන් ඔවුන්ගේ හිසකෙස්, කුණු කෙළ, ඇඳිවත නූල්, නියපොතු යන පංච මළපහ රැුගෙන ගම් බිත්තරය බැගින් ද ලූණු කැට, අබ ඇට, ගම්මිරිස් ඇට, කපු ඇට, මිරිස් කරල් හා තවත් රහස් නම නොකියා ගන්නා ඖෂධ වර්ගයන් සමඟ මිශ‍්‍රකර අවසන්ව එම පස් හා අළු සියල්ල

 ගසායන දියට දැමිය යුතුය. පසුව පෙරේත බැල්ම, දෝෂ, වින ඇතත් නැතත් ඒ සඳහා පෙරේත තටුවක් දී පුහුලක් කැපිය යුතුයි.

 ⋆ දෙවනුව ඊශ්වර දෙවියන්ට පුද තබා පහනක් දල්වා ගෘහාධිපති විසින් සිවුවරම් දෙවිවරුන්ට ප‍්‍රාදේශීය දෙවිවරුන්ට පහන් දල්වා බුදුන්ට ද පහන් දල්වා භූමියේ හෝ නිවස මැද පැදුරක් එලා එහි වටා නෙළුම් කොළ දහය එලා බහිරවයන්ට අදාළ පුද ද්‍රව්‍යයන් තබා ලේ ගොටු, බිත්තර, පස්පුළුටු, ගොඩමස්, දියමස්, බත්, පලතුරු වර්ග සුවඳ ධූප, සාම්බ‍්‍රානි, දුම්මල දුම් දී නිවැසියන් බිම වාඩි කරවා නූල් 21 පට ගෙන හුව හදා අතටදී බහිරව යාතිකා, මන්තර, ශ්ලෝක ගයා එහි ඇති පුද වර්ග නිවැසියන් අතට දී අට දිශාවට හා වහලයට ආතාල ද බිමට පාතාලට ද පුදා කැපකළ යුතුයි. මෙය පුදන විට බහිරවයාගේ බැල්ම ඇති වේලාව වන රාත‍්‍රි 9.00 සිට 9.36 දක්වා කාලය තුළ පිදිය යුතුයි.

 මේ බහිරව පූජාවන් නොදීමෙන් මහා වලව්, මන්දිර, මැති ඇමැති, මන්ත‍්‍රීවරුන්ගේ නිවාස පවා බහිරවයා විසින් පාළුකර ඇති බව වර්තමානයේ අපට දක්නට ලැබේ. තවද ඔවුනගේ පරම්පරාවන් පවා නැසී ගිය ¥ දරුවන් පවා නොගැළපෙන කුලයට නින්දා දෙන අය සමඟ පවා රහසිගතව පෙමින් වෙලී නන්නත්තාරව සිටින බව පෙනේ.

 ඒ නිසා බහිරව පූජාවන් නිසි ලෙස පුදා එයට අදාළ නිවාස ආරක්‍ෂා යන්ත‍්‍ර ද සකසා ඔබේ නිවසෙහි තැන්පත් කර ඔබේ නිවස සිරිකත පැමිණෙන ඔබට දියුණුව සලසන චූඩාමැණිකක්, කප්රුකක් කර ගන්නා ලෙස මේ උපදෙස් ‘නැකත’ පාඨක ඔබට තිලිණ කරමි.

 ඉඳුවරගෞරව සම්මානනීය ජ්‍යොතිෂවිද්‍යාජෝති
 ගුප්ත විද්‍යාකීර්ති, වාස්තු විද්‍යා උපදේශක
 රඹුක්කන ජිනදාස එදිරිසිංහ
 පොලිසිය අසල
www.divaina.com