ඊශ්වර දෙවියන් හෙවත් ශිව දෙවියන් ඉන්දියානු සම්භවයක් ඇති දෙවි කෙනෙකු ලෙස හැඳින්වූවද රාවණ යුගයේදී ලංකාද්වීපයත් භාරතයත් ආශ්‍රිතව ජීවත් වූ ධ්යානබල සම්පන්න සෘෂිවරයකු වූ ඊශ්වර දෙවිඳු බුද්ධෝත්පත්තියට පෙරාතුව මෙලොව පහළව සිටි උතුමකු බැව් ඓතිහාසික තොරතුරුවලින් හෙළිදරව් වේ.පශුපති, රුද්‍ර, අග්නි යන නම් වලින්ද හැඳින්වෙන ඊශ්වර දෙවියන් සතුන්ට ආරක්ෂාව සපයන දෙවියන් ලෙස ප්‍රකට බැවින් "පශුපති" යන නාමයෙන් හඳුන්වන්නට ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාසයයි.
සිය වාසභවන ලෙස කෛලාස කූට පර්වතය තෝරාගෙන එහි ධ්‍යානගතව වැඩසිටි ඊශ්වර දෙවිඳු යන්ත්‍ර මන්ත්‍ර තන්ත්ර කටයුතුවලටත් සකල විද්‍යාවන්ට හා නර්තනයට අධිපති වන්නේය. නිල්වන් ගෙලක් හා ධවල වර්ණ සිරුරකින් හෙබි ශිවයන් ගෙලවටා එතුන නාගාභරණයකින් සැරසී දිවිසමන් හැඳ දිවිසමක් මතම හිඳිමින් සිය ආයුධය ලෙස ත්‍රිශූලයක් අතදරයි. වෘෂභවාහනාරූඩව ගමන් යන එන ශිවයන්ට නෙත් තුනක් ඇති අතර එයින් එක නෙතක් නලල මත පිහිටා ඇති බවත් එයින් යමෙක් හෝ යම් දෙයක් දෙස බැලුවහොත් එම බැල්මට හසුවන සියලු දේ දැවී අළුවී යන බවත් කියෑවේ.
හින්දු භක්තිකයන් මහා දෙවියන් ලෙස හඳුන්වනු ලබන ශිව දෙවියන්ට බිරියන් තිදෙනකු ඇති බවත් ඒ අතර පළමුවැන්නිය රූපශ්‍රීයෙන් අගතැන්පත් උමා දේවියයි. නෘත්‍ය ගීතාදියෙහි පරප්රාප්ත උමා දේවිය දෙවන බිරිඳ වන අතර තෙවන බිරිඳ ලෙස සැළකෙන ගංගා දේවිය සංකේතයක් පමණක් වන බව පෙනේ. එනම් ඊශ්වර හෙවත් ශිව දෙවිඳුන්ගේ ජටාවෙන් ඇදී එන ජලධාරාව ගංගා දේවිය ලෙස හැඳින්වෙන අතර භාරතය දෝවනය කරමින් ගලාබසින්නා වූ මෙකී ගංගානම් නදිය හින්දු භක්තිකයෝ ශුද්ධ වූ වස්තුවක් ලෙස සලකති.
ස්කන්ධ කුමාරයාගේත් ගණ දෙවිඳුන්ගේත් පියාණන් වන ශිව දෙවිඳු දිව්‍ය ග්‍රහබල සම්පන්න සෘෂිවරයෙකි. ලංකාධීෂ්වර රාවණයන් ශිව දෙවිඳු කෙරේ ඉතා භක්තිමත්ව සිටි බවත් ශිවයන් ඔහුට යන්ත්‍ර, මන්ත්‍ර ආයුර්වේද ජ්‍යෙdතිෂ්‍ය වැනි ශාස්ත්‍ර නිසි ලෙස උගන්වා නැණ බල ප්‍රඥා යන ත්‍රිවිධ ශක්තීන් දානය කළ බවද කියෑවේ.
සශ්‍රීකත්වයට, ධනයට, යන්ත්‍ර මන්ත්‍ර තන්ත්රාදී ත්‍රිවිද්‍යාවට නර්ථනයට ආයුර්වේද ශාස්ත්‍රයට, ජ්‍යෙdතිෂ්‍ය විද්‍යාවට පොළෝ ගර්භයෙහි සැඟව ඇත්තා වූ වස්තුවට අධිපතිත්වය දරන ශිව දෙවිඳුන්හට බැතිමතුන් භාරහාර වන්නේ තම තමන්ගේ ලෞකික දියුණුව අපේක්ෂා වෙනි. සතුරන් මර්දනය කර නඩුහබ අවනඩු විස¹ යුක්තිය සාධාරණය ඉටුකොට සාධුජනයාට ශාන්තියත් ආරක්ෂාවත් ශිව හෙවත් ඊශ්වර දෙවිඳුන්ගෙන් ලැබෙන බැවින් ශිව දෙවිඳුන්ගේ පිsහිට පතන බැතිමතුන් බොහෝ වෙති.
ඔබටද ඔබ හමුවේ පැනනගින සියලු ප්රශ්නවලදී නිවසේදී හෝ උන්වහන්සේ වැඩහිඳින දෙවොලකදී බුදුන් වැඳ පිරිත් සඤ්ජාධායනා කර දෙවියන්ට පිං අනුමෝදන් කර ඊශ්වර දෙවියන් වෙනුවෙන් ලියවී ඇති ගාථා, ස්තෝත්ර, කන්නලව් ගායනා කර පිහිට යෑදීමෙන් සහනය ළඟා කර ගත හැක.
නාගේන්ද්‍ර හාරාය
ත්රිලොචනායා
භෂ්මංග රාගාය
මහෙෂ්වරාය
නිත්යාය සුද්දාය
දිගම්බරාය
කසෛමා නමාමි ශිවාය
ඊශ්වර (ශිව) නමස්කාර ආරාධනය
කෛලාසනචාරී ගොවාහන ත්රිශූලං
හස්තාදර නීල කණ්ඨ පශුපති නෙත්රං
ගංගාධර ගායන සංගීත කාම රාජනං
පුෂ්පාසන ගාමිනෝති ශිවා දිව්‍ය රාජං
මන්දාකිණි සලිල චන්දනා සඡ්ජිත දේහං
මන්දාරා පුෂ්ප ශේෂ පුෂ්ප පූජ ලබ්ධං
ලෝකාත්රජ ශ්‍රී කීර්ති ප්‍රාප්ත මනො රම්‍යං
පුෂ්පාසන ගාමිනෝති ශිවා දිව්‍ය රාජං
ගෞරී ප්‍රිය වල්ලභ තේජා කායික ශූරං
ගෞතමාර්ය චාර්ය දේව ප්රණමාමික පාදං
පීනක හස්තක ප්රියඬගු නේත්‍ර ධවල වර්ණං
පුෂ්පාසන ගාමිනෝති ශිවා දිව්‍ය රාජං
වන්දනා ගාථා
මහා දේවං මහත්මානං
මහා ධ්‍යානං පරායනම්
මහා පාප හරේ දේවං
ඕං කාරාය නමෝ නමඃ
ඊශ්වර දෙවිඳුන්ට කරන කන්නලව්ව
සහශ්‍ර රශ්මි මාලාවෙන් ගනාන්ධකාරය දූරින්භූත කොට ලෝකාලෝකය කරන සූර්යයාටද මන්ත්‍ර තන්ත්ර යන්ත්‍ර විද්‍යාවන්ටද සංගීත නාට්‍ය කලාවන්ටද ගින්නට හා තේජසට අධිපති උමාපති, පසුපති, භූතගණාධිපති, වූතේශ්වර, අලකේශ්වර, ශ්රහශ්වර, නන්දිශ්වර, පූඡේශ්වර, භුවනේශ්වර, කෝනේශ්වර, මහේශ්වර, කීර්තිධර ගංගාධර, ජටාධර, ත්රිශූලධර, ත්රිනේත්ර ධර, කෛලාසකූඨ පර්වතයේ වැඩවාසය කරමින් වෘෂභ වාහනාරූඩව උරගාභරණයෙන් සැරසී සුබ්‍රමනී අවතාරය මවා මේ සිංහල දේශයේ සම්බුද්ධ ශාසනය දියුණු කිරීමට සුදුමල් බණ්ඩාර අවතාරයෙන් සිංහල දේශවාසීන් රකිමින් දස දෙස ජය දද ළෙල වූ ඊශ්වර දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස තමා අල්පායුෂ යෝගයකින් මියයන වකවානුව දෛවඥයන් වෙතින් දැනගත් මාර්තණ්ඩ ඔබ වහන්සේට යාඥා කරද්දී එකී මාරක මොහොතේ එතැනට පැමිණි මාර දූතයන් ඔබ වහන්සේගේ ත්‍රිශූලයෙන් ඇන පලවා හැර ඔහු මරණින් මුදා ගත්තා සේම අප විසින් දෙන ලද පුද පූජා බාරගෙන පිං අනුමෝදන් වී නවග්‍රහයන්ගෙන් වන්නා වූ මාරක බාධක ඒරාෂ්ඨක අපල ඇතුළු සියලු කරදර බාධක දුරුකරදී දිනයෙන් දිනයට පැයෙන් පැයට අපට සෙත සහනය උදාකර දෙන සේක්වාෘ.
සෞභාග්‍ය උදාකරන
ඊශ්වර ස්තෝත්‍රය
විශ්වෙශ්වරාය නරකාර්ණිවතාරණාය
කර්ණාමෘතාය ශෂි ශෙඛර ධාරණාය
කර්පූර කාන්ති ධවලාය ජටා ධරාය
දාරිදා දුක්ඛ දහනාය නමඃ ශිවාය
ගෞරී ප්‍රියාය රජනීශ කලාධරාය
කාලන්ත කාය භුජගාධිප කŒගනාය
ගංගාධරාය ගජරාජ විමර්ධනාය
දාරිදා දුක්ඛ දහනාය නමඃ ශිවාය
භක්ති ප්‍රියාය නවරෝග භවාජනාය
උග්රාය දුර්ග භව සාගර තරණාය
ජ්‍යෙdතිර්මයාය ගුණ නාම සුනෘතකාය
දාරිදා දුක්ඛ දහනාය නමඃ ශිවාය
චර්මාම්භරාය ගව භස්ම විලෙපනාය
භාලෙක්ෂණාය මණි කුණ්ඩල මණ්ඩිතාය
මක්දීරපාද යුගලාය ජටාධාරාය
දාරිදා දුක්ඛ දහනාය මනඃ ශිවාය
පඤ්ඤානකාය එනිරාජ විභූෂණාය
හෙමාංශුකාර භූවනත්‍රය මණ්ඩිතාය
ආනන්ද භූමි වරදාය නමෝනමාය
දාරීද්ර දුක්ඛ දහනාය නමඃ ශිවාය
භානු ප්‍රියාය භව සාගර තරණාය
කාලන්ත කාය කමලාසන පූජිතාය
නේත්රත්රයාය ශුභ ලක්ෂණ ලක්ෂිතාය
දාරිද්‍ර දුක්ඛ දහනාය නමඃ ශිවාය
රාම ප්රීයාය රසුනාථ වරප්රදාය
නාග ප්‍රියාය නරකාර්ණවතාරාණාය
පුෙණ්යාෂු පුණ්‍ය හරිතාය සුරාර්විතාය
දාරිද්‍ර දුක්ඛ දහනාය නමඃ ශිවාය
මුක්තෙශ්වරාය ඵලදාය ගණෙශ්වරාය
ශීත ප්‍රියාය වෘෂභෙශ්වර වාහනාය
මාතංග චර්ම වසනාය මහෙෂ්වරාය
දාරීද්ර දුක්ඛ දහනාය නමඃ ශිවාය
ඊශ්වර දෙවිඳුන් වෙනුවෙන් පුද පූජා පැවැත්වීමේදී මෙම ස්තෝත්‍රය ගායනා කිරීමෙන් ධන ධාන්‍ය සියලු යස ඉසුරු හිමිවන බවත් සියලු දෝෂ නිවාරණය වන බවත් කියෑවේ.
දේශමාන්‍ය දේශබන්ධු රංජන් සිසිර කුමාර
0 Comments