විෂ කන්‍යා යෝගය

විෂ කන්‍යා යෝඟය



විවාහ දෝෂයන් පිලිබදව හදහන ලංකා පාඨක ඔබ විශේෂ අවධානයක් යොමුකර ඇතිබව ඔබ අපවෙත යොමු කරන ගැටලු තුලින් පැහැදිලිවේ.විෂ කන්‍යා දෝෂය පිලිබදව මෙම ලිපිය සකසන්නට හේතු සාදක වූයේද පාඨක ඔබ විසින් යොමුකල ගැටලු සදහා පිලිතුරක් ලෙසිනි.

විෂ කන්‍යා දෝෂය යෙදෙන ආකාරය : 

දොලොස්වක තිථිය යෙදී ඇති ඉරිදා දිනයක අස්ලිස , කැති , සියාවස , යන නැකතකින් උප්පත්තිය සිදුවීම

දෙවැනි තිතිය යෙදී ඇති අගහරුවාදා දිනයක සියාවස නැකතින් උපත සිදුවීම

හත්වැනි තිතිය යෙදී ඇති අගහරුවාදා දිනයක සියාවස හෝ විසා නැකතින් උපතලබා සිටීම

දෙවැනි තිතිය යෙදී ඇති සෙනසුරාදාවක අස්ලිස නැකතින් උපත සිදුවීම

හත්වැනි තිථිය යෙදී ඇති සෙනසුරාදාවක කැති නැකතින් උපත සිදුවීම.

ඉරිදා , අගහරුවාදා , සෙනසුරාදා යන අසුභ දිනවල දෙවැනි හත්වැනි හෝ දොලොස්වැනි තිථිවලින් උපත ලබා ඇතිනම් සහ එම අසුබ දිනවලම කැති , අස්ලිස , විසා , සියාවස යන නැකැත්වලින් උපත සිදුවී ඇතිනම් ස්ත්‍රි පාර්ශවය තම කේන්ද්‍රයේ විෂ කන්‍යා යෝගය යෙදී ඇති දැයි සැලකිලිමත් වීම වැදගත්වේ.මෙම යෝගය යෙදෙන තවත් අවස්තා කිහිපයකි.එය පහත සදහන් ආකාරයෙන් වේ.

සෙනසුරු පළමු භාවයේත් රවි පස්වන භාවයේත් කුජ නමවැනි භාවයේත් සිටිනාවිට විෂ කන්‍යා යෝගය යෙදේ

මේෂ ලග්නයෙන් උපත ලබා සෙනසුරු ලග්නයේත් , කුජ කේතු හයවැන්නේ සිටීමත් විෂ කන්‍යා යෝගයවේ.

මේෂ ලග්නයෙන් උපත සිදුවී කුජ ලග්නගතව රවි සහ රාහු ග්‍රහයන් යෝගව හයවැන්නේ යෙදීමත් මෙම යෝගය උදාකරයි.

මේෂ ලග්නයෙන් උපතලබා රාහු ලග්නගතව සිටිමින් කුජ සහ සෙනසුරු හයවැන්නේ සිටීමෙන්ද විෂ කන්‍යා යෝගය යෙදෙයි.

සිංහ ලග්නයෙන් උපත ලබා සෙනසුරු ලග්නගතව සිටියදී රවි සහ කේතු ග්‍රහයන් හයවැන්නේ සිටීනම් එයද විෂ කන්‍යා යෝගයයි.

සිංහ ලග්නයෙන්ම උපත ලබා කුජ සහ රාහු ග්‍රහයන් ලග්නගතව සිටියදී රවි සහ සෙනසුරු දහවැන්නේ සිටීනම් එයද විෂ කන්‍යා යෝගයි.

යම් ස්ත්‍රි කේන්ද්‍රයක විෂ කන්‍යා දෝෂය පිහිටා තිබුණද එම දෝෂය බිදීයාමට සාදක යෙදී ඇතිනම් බිය විය යුතු නැත.

හත්වැන්නාධිපතියා හත්වැන්නේම සිටියදී ලග්නයේ හෝ සදු ග්‍රහයා සමග බලවත් වූ සුභ ග්‍රහයෙකු සිටීනම් විෂ කන්‍යා දෝෂය බංග වේ

ලග්නය ස්ත්‍රි රාශියක් වී බුධ ගුරු සිකුරු හෝ සදු ග්‍රහයන් බලවත්ව පිහිටා ඇත්නම් මෙම දෝෂය බංගවේ.


විෂ කන්‍යා යෝගයේ ප්‍රතිඵල :

මෙම යෝගයෙන් උපත ලබා ඇති කාන්තාවන් නිතරම ශෝකයෙන් පීඩාවට පත්වේ.නිතරම දුක වේදනාව අසහනය , අවිවේකී බව ඇතිකරවයි.කොතරම් සැප සම්පත් තිබුණද ඒවා භුක්ති විදීමට වාසනාවක් නැත.ඇදුම් පැලදුම් කොතරම් තිබුණත් එයින් අලංකාරයක් ඇතිනොවේ.සමාජයේ එතරම් කැපී පෙනෙන චරිතයක් නොවේ.තමාද තම ඇදුම් පැලදුම්ද නිතර කිලිටිවේ.තම ස්වාමියා රෝගියෙකු හෝ බෙලහීනයෙකු විය හැකිය.ස්වාමියා ආයුෂ අඩුවී අකාලයේ මිය යයි.එමෙන්ම ස්වාමියා සමග එකට වාසය කිරීමේ භාග්‍ය අඩුවේ.දරුවන් ලැබුවද ඔවුන් අකාලයේ මිය යයි.පරම්පරාව ඉදිරියට පවත්වාගෙන යාමට පවා පිරිමි දරුවෙකු නොලැබෙනු ඇත.මෙම කරුණු භාවකුතුහලය සහ ස්ත්‍රි ජාතකය නම් ග්‍රන්ත දෙකෙහි සදහන්වේ.

නමුත් මෙවැනි දෝෂයක් පවතින ස්ත්‍රීන් විවාහවිය යුත්තේ කුමන ගැලපීම් සහිත කේන්ද්‍රයක් හිමි පුරුෂයෙකු සමගද යන්න සදහන්වී නැත.එමෙන්ම මෙම ග්‍රහ පිහිටීම් සහිතව උපදින පුරුෂයන්ට මෙම යෝගය බලපාන ආකාරය පිලිබදවද සදහනක් නැත.මෙතෙක් අපට හමුවී ඇති විෂ කන්‍යා යෝගය සහිත ස්ත්‍රීන් සියලු දෙනාගේම ස්වාමිපුරුෂයා අකාලයේ මියගොස් ඇති බව පැහැදිලි විය.එමෙන්ම ජීවිතයේ කිසියම් අසරණ කමක් උරුම වී ඇත.තමාටත් තම පවුලේ සාමාජිකයන් සියලුදෙනාත් මෙම යෝගයෙන් පීඩාවට ලක්වන බව අත්දැක ඇත.

ජනක් පී කුමාර - 0702872322
හඳහන ලංකා ජ්‍යෙතිෂය සේවය වෙනුවෙන්

#THE_Life
#ජීවිතය_YOUTUBE_සඟරාව
#වේඳ_ශ්‍රාස්ත්‍රීය_අසම_සම_දැනුම
#janak_p_kumara
#හඳහන_ලංකා

Post a Comment

0 Comments