බයෝපති තුළින් රෝග සුවයට මගක්


කිසියම් රෝගීබවක් නැතිනම් වේදනාවක් ඇතිවුවහොත් ඔබ එය ඉක්මණින් සුවකර ගත හැකි මගක් සොයන බව අමුතුවෙන් සඳහන් කළ යුතු දෙයක් නොවෙයි. රජයේ රෝහල් මෙන්ම පෞද්ගලික අංශයේ රෝහල්වල පීරී සිටින මේ රෝගීන් සියළු දෙනාම ඒ ප්‍රතිකාරවලින් සුවවෙනවාද ? යන ප්‍රශ්නය කිසියම් මොහොතක ඔබටත් ඇතිවී ඇති. එක් රෝගයක් සුව වීම පිණිස ඔබ ගන්නා ප්‍රතිකාරයක් නිසා තවත් රෝගයක් උත්සන්න වෙනවා නම් ඔබ ඊට ගන්නා පියවර කුමක්ද ? සැබවින්ම ඔබට පවතින රෝගය කුමක්වුවත් ඒ වන විට ඔබට ඇත්තේ ඒ රෝගයම පමණක්ය යන සහතිකය කිසිම අයෙකුට තමන්ගේ රෝග සම්බන්ධයෙන් දිය නොහැකිය. ජපානයෙන් බිහිවූ බයෝපති ප්‍රතිකාර ක්‍රමවේදය අප රටේ පවතින සාමාන්‍ය ප්‍රතිකාර ක්‍රමවේදයට වඩා වෙනසක් ගනී. ඒ එක් රෝගයක් සඳහා ප්‍රතිකාර ලබන විට සිරුරේ පවතින සියළුම අනෙකුත් රෝගද සුව අතට පත්වන බව එම වෛද්‍යක්‍රමයෙන් පැවසෙන බැවිණි. බයෝපති වෛද්‍ය ක්‍රමය සම්බන්ධයෙන් මෙරට  අපට සිටින එකම සුදුසුකම් ලත් වෛද්‍යවරයා  බයෝ පති වෛද්‍ය ක්‍රමය ගැන මෙසේ පවසයි. අද සෞඛ්‍ය පිටුවේ ප්‍රධාන ලිපිය වෙන්වනුයේ බයෝපති වෛද්‍ය ක්‍රමය පිළිබඳ දැනුවත්වීම සම්බන්ධයෙනි.

අප රටේ පවතින විකල්ප වෛද්‍යක්‍රම පිළිබඳ ඔබ බොහෝ තොරතුරු අසා ඇති හෝමියෝපති,  ඇලපති ,ඔස්ටියෝපති ආදී වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම සම්බන්ධයෙන් ඔබ ලබා ඇති අත්දැකීම්ද බහුල විය හැකිය. ප්‍රතිකර්මයේ ක්‍රමවේදය කුමක් වුවත් අප එයින් බලාපොරොත්තුවනුයේ ස්ථීර සුවයයි.රෝගයක් සුළුවුවත් දරුණු වුවත් රෝගය යනු රෝගයක්ම සහ රෝගියාට ඇතිවන පීඩනයම බව අප විසින් පිළිගත යුතුය. උදාහරණයක් වශයෙන් අපි ඉරුවාරදය නැතිනම් මිග්රේන් ගැන කතාකරමු. මේ කුමන නමකිත් හැඳින්වුවත් එහි රෝග ලක්ෂණය වනුයේ හිසරදය ආශ්‍රිතව ඇතිවන්නකි. හිසරදය යනු සුළු රෝගී තත්ත්වයක් යැයි පිළිගන්නා ඔබ ඒ සඳහා මුළින්ම කරනුයේ කුමක්ද? බොහෝවිට කිසියම් වේදනා නාශකයක් භාවිත කිරීමයි. වේදනා නාශකයක් යනු රෝගය මුළිනුපුටා දමන ඔසුවක් නොවේ. එය එම අවස්ථාවේ පවතින බරපතල තත්ත්වය සමනය කිරීමක් පමණි. ඉවසන්නටම නොහැකි අවස්ථාවක හිසරදය සම්බන්ධයෙන් වෛද්‍යවරයා හමුවන  ඔබට හිසරදය යන රෝග ලක්ෂණය පැවසූ පමණින්  ලැබෙන්නේ හිසරදය පිළිබඳ නිදානය සොයා ප්‍රතිකාර කිරීම නොව හිසරදය නවතන වේදනා නාශක බව ඔබ අත්දැකීමෙන්ම දන්නවා ඇති. නමුත් හිසරදය ඇතිකරන හේතුව සොයා බැලීමක් වන්නේ නම් එය බොහෝ පසුව ආරම්භ කරන පරීක්ෂණ මත යැපෙයි. ඔබේ හිසරදය ඇතිකරන්නට හේතුව ඉරුවාරදය පමණක් නොවේ. තවත් බොහෝ හේතුමත හිසරදය ඇතිවිය හැකිය. රෝග ලක්ෂණය සලකා එවේලේ එයින් මිදීමට යම් ඖෂධයක් සැපයීම ඔබ ට යම් සහනයක් ගෙන ආවත් තව දුරටත් රෝගය පැවතීමට ඉඩහසර සැපයීමකි. ඔබට පවතින වේදනාව ට යම් සහනයක් ලැබුණ පසු එවන් රෝගයක් ඔබට පැවති බව ඔබට මතක තිබෙනවවාද ? සැබවින්ම රෝගයක් කිසියම් ලක්ෂණයක් පැවති පමණින්ම ක්ෂණිකව ඖෂධ සැපයීම බයෝපති ක්‍රමයේ පවතින ලක්ෂණයක් නොවේ. ඖෂධ යෙදීමට පළමු. ඒ හිසරදය නවත්වාගන්නට කළ හැකි පියවර අනුගමනය කළ යුතුය. වේදනාව මදක් සමනය කළ පසුවය ප්‍රතිකාර ඇරඹිය යුතුවනුයේ. කෝටරක ප්‍රදාහය පමණක් නොව රුධිර පීඩනයේ පවතින ඇතැම් බලපෑම් නිසාද සෙම්ප්‍රතිශ්‍යාව ආදී වෛරස් ආසාදන බැක්ටීරියා ආසාදන ආදියද ඇතැම් විට යම් අසාත්මිකතා හේතුවෙන්ද කෙනෙකුට හිසරදය ඇති විය හැකිය. රෝගය කුමක්ද යන්න නිෂ්චිතව හඳුනාගැනීමකින් තොරව හිතුමතයට ඖෂධ ලබාදීමෙන් රෝගය යට යනවා විනා හරි ප්‍රතිකාරය ලැබීමක් නොවෙයි. මේ නිසා දැනට පවතින ප්‍රතිකාරවලින් ක්ෂණික සහනයක් ලැබූවත් එය ස්ථීර සුවයක් පිළිබඳ සහතිකයක් සේ සිතීමෙන් වළකින්න.

බයෝපති ප්‍රතිකාරය යනු එසේ එකවර රෝග ලක්ෂණය නොවිමසා කරනු ලබන ප්‍රතිකාරයක් නෙවෙයි.හිසරදය වැනි බහුල රෝග ලක්ෂණයකදී එක එල්ලේ එයට ප්‍රතිකාර නොකර රෝග ලක්ෂණය මැඩ පවත්වන්නට යොදන ක්‍රම වලින් රෝගය සමනය වෙනවාද යන්න මූලිකව සොයා බැලෙයි. එවැනි සරල ප්‍රතිකාර ක්‍රමවේදයක් මගින් රෝගය විසින් ඇතිකළ ලක්ෂණ සමනය වෙනවාද යන්න තීරණය කළ හැකිය. මේ නිසා බයෝපති ප්‍රතිකාර යනු රෝග ලක්ෂණ පැවසූ පමණින් ඒ ලක්ෂණ මැඩපවත්වන්නට කුමන හෝ ප්‍රතිකාරයක් ලබාදෙමින් රෝගය සිරුර තුළ නිදන්ගතවන්නට සලස්වන ප්‍රතිකාර ක්‍රමයක් නොවේ.

පළමුව රෝගියාට කිසියම් රෝගයක් ඇතිවන්නට බලපා ඇති හේතුව දෙස අවදානය යොමු කරන බයෝපති ක්‍රමයේදී  මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරන පද්ධතිය සම්බන්ධයෙන් සුවිශේෂ අවධානයක් යොමුකරනු ලබයි. ඔබේ සිරුරේ කිසියම් අසාමාන්‍ය තත්ත්වයක් ඇතිවන්නට හේතුව ඔබේ සිරුරේ පවතින ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇතිවන දුර්වලතාවයක හේතුවක් බව පැවසුවහොත් එය මුසාවක් නොවේ. ඔබ රෝගී වෙන්නේ ඔබේ සිරුරේ ප්‍රතිශක්තිකරණය දුර්වලවීම නිසා මතුවූ හේතුවකිනි. මේ නිසා බයෝපති ප්‍රතිකාර ක්‍රමවේදය මගින් ඉටු කරනුයේ පළමුව රෝගියාටග් ප්‍රතිශක්තිකරණ පද්ධතියට එල්ල වී ඇති බලපෑම අවම කර රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමයි. මේ ක්‍රමවේදය නිසා ඔබේ සිරුරේ ඔබ ප්‍රතිකාර ලබාගන්නා රෝගයට අමතරව අනෙකුත් රෝග සියල්ලද සුව වී යයි. ඒ නිසා මේ ප්‍රතිකාර ක්‍රමවේදය ඔබේ මුළු සිරුරටම සුවයක් සලසමින් ඔ මුළුමනින්ම රෝගවලින් ඈත්කරන කිසිදු ආකාරයක නිදන්ගත රෝගයකට ඉඩ නොතබන ප්‍රතිකාර ක්‍රමවේදයකි. සැබවින්ම අප ඔබේ සිරුරේ ඇතිවන නිදන්ගත රෝගයක් උදාහරණ ලෙස ගනිමින් බලමු. ඔබ බයෝපති තුළින් ප්‍රතිකාර ගනු ලබන්නේ දියවැඩියා රෝගයට නම් එම ප්‍රතිකාර තුළින් ඔබේ සිරුරේ රෝගයට තුඩු දෙන්නට බලපා ඇති දුර්වලතාවය ඉවත් කරනු ලබයි. දියවැඩියා රෝගය සුවපත් කරන අතරම ඒ ප්‍රතිකාරවලින් කොලෙස්ටරෝල අධිකතාවය මෙන්ම අධිරුධිර පීඩනයටද බලපා ඇති හේතු ඉවත් වි ගොස් ඒ රෝග ද සුවපත් වී යයි. නමුත් රෝගියා ප්‍රතිකාර ලබා ඇත්තේ දියවැඩියා රෝගයටයි.  මෙම ප්‍රතිකාර ක්‍රමය සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ පවතින දුර්වලතා  ඉවත්කරන අතර රෝගියාගේ සිරුරේ අනෙකුත් පද්ධතීන්වල පවතින සියළු රෝගද මුලිනුපුටා දමයි. මේ නිසා බයෝපති යනු ආසියාතික ජන සමාජයට ඉතාම හොඳින් ගැලපෙන ප්‍රතිකාර ක්‍රමවේදයක් වන අතර කිසිම ආකාරයක අතුරු ආබාධයක්ද ඇති නොකරයි. 

අතුරු ආබාධ සම්බන්ධයෙන් තවදුරටත් කතාකරන්නේ නම්. පළමුව මේ ප්‍රශ්නය ගැන ඔබට දිය හැකි පිළිතුර ගැන අවධානය යොමු කරන්න. ඔබ දැනට ප්‍රතිකාර ගන්නා කිසියම් රෝගයක් සඳහා දෙනු ලබන යම් ඖෂධයක් ඔබේ දෑසට දැමිය හැකිද ?එසේ දැමිය හැකි නම් ඒ මොන වෛද්‍ය ප්‍රතිකාරය තුළද? බොහෝ දුරට යම් යම් ප්‍රතිකාර ක්‍රම තුළ පවතින්නේ සිරුරට වෙනම ඖෂධ හා ඇසට වෙනම ඖෂධ ලෙසයි. නමුත් බයෝපති වෛද්‍ය ක්‍රමය තුළ යම් අයෙකුට අතුරු ආබාධ කෙරෙහි කුහුලක් පවතින්නේ නම්  එය සම්පූර්ණයෙන්ම නැතිකළ හැකි වනුයේ  බීම සඳහා ලබා දෙන ඖෂධයම ඇසට වත්කළත් කිසිදු ආකාරයකින්  අහිතකර ප්‍රතිඵලයක් ඇති නොවන නිසයි. මේ ප්‍රතිකාර ක්‍රමය තුළ නිදන්ගත රෝග තත්ත්ව මෙන්ම පිළිකා ආදී රෝග ඇතුළුව සියළුම රෝග සුවකළ හැකි වුවත් එසේ සුවකිරීම කළ නොහැකි රෝග පිළිබඳව අවධානය දැක්වීමද කළ යුතුය. මෙයින් කැඩුම් බිඳුම් රෝග සුව කළ නොහැකිය. එය ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හා සම්බන්ධයක් නොදැක්වීම එයට හේතුවයි. එමෙන්ම තුවාල ආදියද එසේ මෙම ක්‍රමය තුළින් සුවපත් කළ නොහැකිය.  පිස්සු බළු රෝගය,  උමතු රෝග ආදිය බයෝපති ක්‍රමයෙන් සුවපත් කළ නොහැකි රෝග ගණයට අයත්වනුයේ ඒවා ප්‍රතිශක්තිකරණය හීනවීම නිසා ඇතිවන රෝග නොවීම හේතුවෙනී. මේ ක්‍රමයෙන් අංශබාග රෝගයද සුවපත් කළ නොහැකි නමුත්  එය ඇති වී ඇත්තේ මොළයේ ඇති වූ ටියුමරයක් හෝ පිළිකාවක් හේතුකොට ගෙන නම් එවන් අංශභාග රෝගීන්ද මේ ක්‍රමයෙන් සුවපත් කළ හැකි බව වෛද්‍යවරයා විසින් සහතික කරයි.

 සාමාන්‍යයෙන් මේ ප්‍රතිකාර ක්‍රමයෙන් කිසියම් අයෙකුගේ ඇස් පෙනීම සම්බන්ධ නිදන්ගතව එන රෝගද සුවපත් කළ හැකිය.ග්ලූකෝමාවද එසේ සුව කළ හැකිබව ඔහු පවසයි. නමුත් මේ ප්‍රතිකාර සියල්ල මාස තුනකට අඩු කාලයකදී රෝගියා සුවපත් කිරීම සම්බන්ධයෙන් යොදවන අතර එයින් ප්‍රතිකාර පතන්නා කිරි පානයෙන් ඈත්විය යුතුය. එමෙන්ම දුම් පානය සහ බුලත්විට සපන සහ මත් පැන් බොන අයට ප්‍රතිකාර සිදු නොකෙරෙයි. ආහාර ගැනීමෙන් පැය දෙකක කාලයක් කිසිවක් නොගෙන සිට මේ ඖෂධ පානය කළ යුතු බව පැවසෙයි.

 මේ හැරෙන්නට අළුත් පලතුරු එළවළු ආදිය මේ ප්‍රතිකාර ආරම්භ කළ අයෙකු විසින් භාවිතයට ගත යුතු බව පැවසෙයි. දැන් අප මේ ප්‍රතිකාර සඳහා යොදන නිපදවන ඖෂධ සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය මොනවාද යන්න සහ එය සම්බන්ධයෙන් ජපානය යොදාගෙන ඇති ක්‍රමවේදය මොනවාද යන්න විමසා බලමු. කැරිකා පපායා නමින් ඔවුන් එහි ප්‍රධාන අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් සඳහනක් තබයි.  ඒ අප ඔබ කවුරුත් හොඳන් දන්නා ගස්ලබු නම් පළතුරයි. පොත්ත , ඇට මදය  සහ ගස්ලබු ගෙඩියේ කිරිද මෙම ඖෂධ නිපදවීම සඳහා යොදාගන්නා බව  පැවසෙන අතර ඊට අමතරව මේ සඳහා මුහුදු පාසි විශේෂයක්ද යොදාගනී. මේ අමුද්‍රව්‍ය කිලෝ දහයක් පමණ යොදා ගැනීම තුළ ඖෂධයෙන් මිලි ග්‍රෑම් තුනක් පමණ නිපදවිය හැකි බව  වෛද්‍යවරයා විසින් පවසයි.  මේ සම්බන්ධයෙන් ඔබට වැඩි දුර තොරතුරු  බයෝපති යන වෛද්‍ය ක්‍රමයේ නමින් පවතින වෙබ් අඩවියෙන්ද  ලබාගත හැකි අතර මේ වෛද්‍ය ක්‍රමය සම්බන්ධයෙන් දැනට ලංකාවේ සිටින සුදුසුකම් ලත් වෛද්‍යවරයා ඇලන්ටන් වීරසිංහ මහතාගේ විද්‍යුත් ලිපිනය ඔස්සේ විමසිය හැකි අතර විශේෂයෙන්ම  හදෘයාබාධ සහ හෘද නාල අවහිරවීම මෙන්ම මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වලවීමෙන් ඇතිවන්නා වූ සියළු රෝගයන් සුවකිරීම කළ හැකි අතර මෙයින් ප්‍රතිකාර සැලසීම සිදු නොකෙරෙන්නේ වයස අවුරුදු දෙකහමාරට අඩු දරුවන්ට පමණක් බවද පැවසෙයි. ඖෂධ යනු හැමවිටම ඔබේ රෝග සුවයට අනිවාර්යෙන්ම යෙදිය යුතු නිෂ්පාදනයක් සේ නොහිතන්න. මන්ද ඒවාද අපේ අවට පරිසරයේ පවතින අමුද්‍රව්‍යවලින් උකහා ගන්නා ලද දැනුමින් නිර්මිත ඒවා බව මතක තබාගන්න. මේ නිසා ඔබට ස්වභාවික පරිසරයේ ඇති දෙයින් යම් යම් රෝග සුව කරගත හැකි බවත්  ඖෂධ යනු හැමවිටම ඔබේ ගැලවුම්කරුවා ලෙස සලකා කටයුතු නොකිරීමටත් වගබලා ගන්න.

www.ada.lk